Monday, December 3, 2018

පණ පිටින් හම ගැසීම

“මං තෝව ඇහේ ඉදන් පට්ට ගහනව..!“
මොකක් හරි තක්කඩි වැඩක් කරපුවාම ඔය කතාව අහගන්නවනෙ..
ඒත් කවද හරි ඇහේ ඉදන් පට්ට ගහල තියෙන කෙනෙක් දැකල තියෙනවද..
නෑ නේද..?
ඒක මේ නිකමට කටට ආවට කියන කතාවක් නෙවෙයි..
ඉස්සර නං ඇත්තටම මිනිස්සුන්ව ඇහේ ඉදන් පට්ට ගහල තියෙනව..
නැත්තම් ඉහේ ඉදන් හම ගහල තියනව..
ඉහේ ඉදන් හම ගහන එහෙම නැත්තම් Flaying කියන එක අතීතයේ ඉදන් තිබුණ දඩුවම් ක්‍රමයක්.
අවුරුදු දාස් ගාණකට කලින්
මැදපෙරදිග රටවල, අප්‍රිකාවෙ විතරක් නෙවෙයි
ඇමරිකාවෙ පවා තිබුණ දඩුවම් ක්‍රමයක් තමයි පණපිටින් හම ගහන එක.
ඇසිරියන් ජාතිකයො තමයි මේ ක්‍රමය වැඩියෙන්ම පාවිච්චි කරල තියෙන්නෙ..
ඒ කාලෙදි
යුද්දෙදි අල්ලගත්ත සතුරන්ව, වැරදි කරලා අහුවුණ අයව
මරන්න පාවිච්චි කරපු ක්‍රමයක් මේ.
වැරදි කාරය එහෙම නැත්තම් හිර කාරය
අල්ලලා එයාගෙ අත් දෙක කණුවක මුදුනට කරලා ගැට ගහනව.
ඊට පස්සෙ කකුල් දෙකත් ගැට ගහනව..
ඊට පස්සෙ අත් දෙක මුදුනෙ ඉදන් හරි
එහෙම නැත්තම් මූණෙ ඉදන් හරි පටන් අරන්
දෙපතුල වෙනකල්
ශරීරයෙ හම පුංචි පිහියකින් අයින් කරනවා..
සමහර හිර කාරයො
හම ගලවලා ඉවර වෙන්න කලින්ම මැරිලා යනවා..
හම ගලවලා ඉවර වෙලා මේ හිර කාරයින්ව අව්වේ ගැට ගහලා තියනවාලු..
එතකොට පැය කීපයකින් මේ අය මැරෙනවාලු.
මේක හරිම වේදනාත්මක මරණයක් ගේන ක්‍රමයක්.
මරණය සිද්ද වෙන්නෙ නං හම ගලවනකොට
සිද්ධ වෙන අධික රුධිර වහනයෙන් හරි
ශරීරය අධික ලෙස විජලනය වීමෙන් හරි කියලා තමයි කියන්නෙ.
ඔන්න ඔහොමයි
ඇහේ ඉදන් පට්ට ගහන එකේ කතන්දරේ.
ඔය තියෙන්නෙ පින්තූරෙකුත්.
තව විස්තර උදාහරණ ඕන නං
විකිපීඩියාවට ගොහින් සර්ච් කරල බලන්ටකො.

1 comment: