Monday, December 3, 2018

මැන්ඩි


ගොඩක් දවසකින් කතාවක් කියන්නත් බැරිවුණා.
ඒ නිසා අද කියන්නම්.
ඇත්තම ඇත්ත කතාවක්.
........................................
මේ ඉන්නෙ මැන්ඩි.
මැන්ඩි බෝනික්කෙක්..
අවුරුදු 114ක් වයස බෝනික්කෙක්.
ඒ වගේම ලෝක ප්‍රසිද්ද බෝනික්කෙක්..
මැන්ඩිගෙ කතාව තමයි මං කියන්න යන්නෙ..
..........................................
1991 දවසක...
එක ගෑනු කෙනෙක්..
බ්‍රිටිෂ් කොලොම්බියා වල තිබුණු
ගෙදරක් මිලට ගත්තා..
ගේ ලස්සනයි ලොකුයි..
තට්ටු තුනයි
එක තට්ටුවක් පොළව යට...
ඉතින් මේ ගෑනු කෙනා
මේ ගෙදර පදිංචියට ආවා...
පදිංචියට ආපු පළවෙනි දවසම රෑ....
අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගත්තා...
පුංචි දරුවෙක් අඩනවා...!
මේ ගෑනු කෙනාට දරුවො නෑ..
ගෙදර ඉන්නෙත් තනියම..
ඉතින් කවුද මේ අඩන්නෙ..?
අහල පහල ගෙයක්වත් ඇහෙන මානෙක නෑ..
මේ ගෑනු කෙනා ගේ පුරාම ඇවිදලා
මොකක්ද මේ සද්දෙ කියලා බැලුවා..
සද්දෙ එන්නේ පොලව යට තට්ටුව පැත්තෙන්...
පහුවදා..
මේ ගෑනු කෙනා
පොලව යට තට්ටුව අස් පස් කළා..
පරණ බඩු ගොඩක් හම්බ වුණා..
සුදු පාට ගවුමක් ඇදගත්ත
හුරතල් පෙනුමක බෝනික්කෙකුත් ඒ බඩු ගොඩ මැද හිටියා..
අවුරුදු සීයකටත් වැඩිය පරණ බඩු ගොඩ
පිලිවෙලක් කරලා දාලා
ඒ ගෑනු කෙනා ආපහු පුරුදු විදිහට වැඩ පටන් ගත්තා.
එදාත් රෑ..
අර අඩන දරුවාගෙ කටහඩ ඇහුණා...
මේ ගෑනු කෙනා ගේ ඇතුලෙ හැම තැනමත්
වත්ත හැම තැනමත් හෙව්වා..
කවුරුවත්ම නෑ..
සද්දෙ ඇහෙන්නේ පොළව යට තට්ටුවෙන්නෙ..
ඒ තට්ටුව පුරාමත් හෙව්වා..
ඒත් පණ තියන කිසිම කෙනෙක් නෑ..
දවස් ගාණක් මේක මෙහෙම උනා..
මේ ගෑනු කෙනාට නින්දක් නැති වුණා..
පොලව යට තට්ටුවට යන හැම වෙලාවකම
කවුදෝ තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ..
ඇත්තටම..
එහෙම කෙනෙක් හිටියා..
ඒ වෙන කවුරුවත් නෙවෙයි..
මේ බෝනික්කා...
ගෑනු කෙනාට මේ බව ටිකින් ටික දැනෙන්න පටන් ගත්තා..
මේ බෝනික්කාව විසි කරන්න මේ ගෑනු කෙනා කැමති වුණේ නෑ..
ඒ හින්දා එයා මේ බෝනික්කාව
ක්වෙස්නෙල් කෞතුකාගාරයට ගෙනිහින් බාර දුන්නා.
ක්වෙස්නෙල් දිස්ත්‍රික් කෞතුකාගාරයෙන්
අවුරුදු එකසිය දාහතරක් වයස
මේ බෝනික්කාව බාරගත්තා..
බෝනික්කාට නමකුත් දැම්මා..
ඒ තමයි “මැන්ඩි..“
මැන්ඩිව කෞතුකාගාරයට බාර දුන්නට පස්සෙ
අර ගෑනු කෙනාගෙ ගෙදර තිබුණ ප්‍රශ්නය ඉවර වුණා..
ඒත් ඒ වගේ දහ ගුණයක් ප්‍රශ්න
කෞතුකාගාරයට ආවා.
ඉස්සර වෙලාම ප්‍රශ්නෙ ආවෙ
කෞතුකාගාර සේවකයින්ගෙ කුස්සියට..
කෞතුකාගාර සේවකයින්ගෙ කුස්සියෙ ෆ්‍රිජ් එකේ තිබුණ දේවල් අතුරුදහන් වෙන්න පටන් ගත්තා..
ඒවා හම්බ වුණේ කෞතුකාගාරයෙ තැන් තැන් වල
කබඩ් වලින් ලාච්චු වලින්...
ඊටත් පස්සෙ..
කෞතුකාගාරෙ කාර්යාලයෙ තියෙන
පෑන් පැන්සල්, පොත් පත්
ආගිය අතක් නැති වෙන්න පටන් ගත්තා...
ඒ මදිවාට..
මැන්ඩිව තැන්පත් කරල තිබුණෙ
තවත් බෝනික්කො වගයක් ඉන්න ෂෝකේස් එකක..
ඒ ෂෝකේස් එකේ හිටපු
අනිත් බෝනික්කන්ට
බරපතල අනතුරු වෙන්න පටන් ගත්තා.
මැන්ඩිගෙ තරම කෞතුකාගාර සේවකයන්ට තේරෙන්න පටන් ගත්තා..
ඒ හින්දාම
මැන්ඩිට වෙනමම වීදුරු කබඩ් එකක් හදලා
මැන්ඩිව ඒකේ තැන්පත් කළා..
ඒ වීදුරු පෙට්ටිය ඇතුලෙවත් මැන්ඩි
පාඩුවෙ හිටියෙ නෑ..
එක එක වෙලාවට
එක එක පැත්තට හැරුණා..
කෞතුකාගාරයට එන අය
මැන්ඩි ඉන්න කාමරයට ආවාම
කවුදෝ තමන් දිහාම බලාගෙන ඉන්න බව ඒ අයට හැගෙන්න පටන් ගත්තා..
හැමෝම කිව්වෙ “ඇත්තටම මැන්ඩිගෙ ඇස් මම කරන කියන හැම දෙයක් ගැනම බලාගෙන හිටියේ“ කියලා..
මැන්ඩිව ටිකෙන් ටික ප්‍රසිද්ද වෙන්න පටන් ගත්තා..
දවස ගානෙ මැන්ඩිව බලන්නම
කෞතුකාගාරයට සෙනග ඇදෙන්න පටන් ගත්තා.
ඒ එන අයට මැන්ඩිගෙ ෆොටෝස් ගන්න ඕන වුණත්
මැන්ඩි හැමෝටම තමන්ගෙ ෆොටෝ ගන්න ඉඩ දුන්නෙ නෑ..
මැන්ඩිගෙ වීදුරු පෙට්ටිය ලගට එන ගොඩක් අයගෙ
කැමරා වල ෆෝන් වල බැට්රි බින්දුවට බැහැල ගියා..
මැන්ඩි තමන්ගෙ ෆොටෝ එකක්වත් ගන්න දුන්නෙ
එයාටම හිතෙන අයට විතරයි..
මැන්ඩිව බලන්න එන අය කියන්නෙ
මැන්ඩිට තියෙන්නෙ මහ භයානක හිනාවක් කියල..
මැන්ඩිගෙ ඉරිතැලුණු බිදුන මූණ ඒ කතාවට ඇත්තක් එකතු කරනව..
දැන් මැන්ඩිට කියන්නෙ “අවතාර බෝනික්කා“ කියල..
මැන්ඩි ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ “කැනඩාවේ බියකරුම පෞරාණික භාණ්ඩය“.. විදිහට.
හැබැයි මැන්ඩි ක්වෙස්නෙල් දිස්ත්‍රික් කෞතුකාගාරයට නම් ආදායම් උල්පතක් වෙලා..

No comments:

Post a Comment