Saturday, December 1, 2018

මරණයේ ගීතය

දවසක්..
වියානා නගරයෙ එක යුවතියක්..
නිහඩවම දියේ ගිලෙනව..
අත් දෙකත් මිට මොලවගෙන
ඇස් දෙකත් පියාගෙන
මිය යනකල් දිය යට ඉන්නව..
ඈ සියදිවි නසා ගන්නව..
එයාගෙ මළ සිරුර ගොඩ ගත්තාම..
පොලිසියට හම්බ වෙනව දෙයක්..
එයාගෙ අතේ මිට මොලවගෙන ඉන්න කොලයක්..
ඒ කොලේ ලියල තිබුණෙ..
එක සින්දුවක පද පේලි කීපයක්...!
ඊට පස්සෙ දවසක..
බුඩාපේස්ට් නගරයෙ
සාප්පුවක උන්නු තරුණයෙක්..
බාල්කයෙ එල්ලිලා දිවි නසා ගන්නව..
අන්තිම මොහොතේදී
දෙයක් ලියලා තියලා..
ලියුමක් නම් නෙවෙයි..
සින්දුවක පද පේලි කීපයක්..!
ඒ අතරෙම
ලන්ඩන් නුවරත්
තවත් යුවතියක්
නිදිපෙති ගොඩක් බීලා
සියදිවි නසාගෙන..
එයාගෙ මලසිරුර හොයාගන්නකොටත්
එයාගෙ කාමරේ
එකම සින්දුවක්
එක දිගටම වාදනය වෙනවා..!
මේ විදිහට සිය දෙනෙකුට වඩා
සිය දිවි නසා ගන්නව..
එකම සින්දුවක් නිසා..!
මොකක්ද මේ සින්දුව..?
“සියදිවි නසා ගැනීමේ ගීතය“ නැත්තම් “ශාපලත් ගීතය“..?
ඒ තමයි “Gloomy Sunday“ එහෙම නැත්තම් “අදුරු ඉරිදා“ සින්දුව..

“මේ ඉරිදාව අදුරුය..
අදුරු සෙවනැලි සමග තනිව ගෙව්වෙමි එය..
මගේ හදවත හා එක්ව මම
ගිවිස ගත්තෙමි සියලු දේ නිමවන්නට..

මා නමින් දෙවියන්ට යැද
ඉටිපහන් දැල්වෙනු ඇත..
කියනු මැන ඔවුන් හට වැලපෙන්න එපා යැයි
මේ ගමන මා ගියේ කිසි දුකක් නැතිව යැයි..

මට මේ පෙනෙන්නේ සිහිනයක් විතරමයි
දෙනෙත් හැර බලන විට ඔබව මට මුණ ගැසෙයි..
මගේ හද පතුලේම ඔබ නිදයි..“

මේ ඒ ශාපලත් සින්දුවෙ කොටසක්...
මම මේක සිංහලෙන් කිව්වට
මේක ලියවුණේ හංගේරියානු භාෂාවෙන්
පස්සෙ කාලෙක භාෂා ගානකට පරිවර්තනය වුණා..
මේ සින්දුවෙ තනුව ලිව්වෙ
දුප්පත් හංගේරියානු ගීත රචකයෙක්.
සෙරෙස් කියලා..
එයාගෙ පෙම්වතිය එයාව අත් ඇරලා ගියාම එයා මේ ගීතය ලිව්වා කියලා තමයි කියන්නෙ..
ඒත් සමහරු කියනව
එයා නාසි වධ කදවුරක හිර කාරයෙක් වෙලා හිටපු,
එයාගෙ අම්මා වධ විදලා මිය යන හැටි දෑහින් දැකපු කෙනෙක් කියලාත්..
එයාගෙ මේ සින්දුවට වචන කැව්වෙ ලැස්ලෝ ජැවොර් කියන එයාගෙ කිට්ටුම යාලුවා..
කොහොම වුණත්
මේ සින්දුව අහපු ගොඩක් අය
සියදිවි නසාගන්න පෙළඹුණා..
“හංගේරියානු මරණීය ගීතය“ නැතිනම් “සියදිවි නසාගැනීමේ ගීතය“ කියලාත් සින්දුවට නම වැටුණා..
මේ සින්දුව අහලා සියදිවි නසාගත්ත ගනන සීයකට වැඩියි..
මේ සින්දුව මහ අමුතු ශාපලත් බලවේගයක් තියන සින්දුවක් කියලත් සමහරු විශ්වාස කළා..
කොහොම හරි මේ සින්දුව ගැන
ආරංචිය පැතිරිලා යනවත් එක්කම
අමෙරිකාව එංගලන්තය වගේ රටවලටත් මේ සින්දුව ඉක්මනින් පැතිරුණා..
ඒ හැම තැනමත් මේ සින්දුවෙන් ඇති කලේ එකම ප්‍රතිඵලයමයි..
අන්තිමේදි මේ සින්දුව නිසා
දිවි නසා ගන්න ගාන එන්න එන්නම වැඩි වෙනකොට
ඒ ඒ රටවල මේ සින්දුව තහනම් කළා..
බී බී සී එකෙන් පවා මේ සින්දුව අවුරුදු හැට හයකට තහනම් කළා..
සින්දුව පහතින් කොමෙන්ටුවකට දාන්නම්..
අහලා බලන්න..
ඒත් මට විශ්වාසයි..
අපේ රටේ අය නම්
මේ සින්දුව අහලා සියදිවි නසාගන්නෙ නැතිවෙයි..
ඉරාජ්ලාගේ, ෆිල් ටී ලාගේ සින්දු අහන අපේ රටේ මිනිස්සුන්ට
මේ සින්දුව නම් මොකක්ද කියලා හිතෙයි..!

2 comments: